පාපොච්චාරණය | Papochcharanaya

රු850.00

3 in stock

12 People watching this product now!
SKU: 9786246639013 Category:
Description

කිසිවෙකු පාපොච්චාරණයක් කළ යුතු වන්නේ මන්ද? සිය ජීවන ලාලසාව හෘද සාක්ෂියට එකඟ නැතැයි හැඟෙන කළද ?

සැබැවින් ම පාපොච්චාරණ අනවශ්‍යය ද? දේශිත ප්‍රමෝද් කවියා නවකතාකරුවෙකු ලෙස දොරට වඩින්නේ පාපොච්චාරණය. කෘතියෙනි. එය හොඳ නරක හා කළු සුදු යහපත අයහපත මායිම් රේඛා බොඳ කරන අතර යක්ෂයා ද සුර දූතයා ද එකම මනුෂ්‍ය ශරීරයක වෙසෙන බව ද විදහා පායි. ප්‍රමෝද්මය ශෛලියකින් දිග හැරෙන මේ මනරම් ගෙත්තම මනුෂ්‍ය සන්තානයේ සංකීර්ණත්වය සේ ම ආදරය. අනුරාගය හා ද්වේශය යනාදී සකල විධ හැඟීම් සමඟ පාඨක සිත් සතන් කළඹාලයි.

සරසවි මානවකයා යනු මේ සමාජයේ ම පීඩාවට පත් අයෙකි. සරසවිය ද සමාජයට බාහිර කිසියම් පවිත්‍ර හෝ ශුද්ධ වූ අධ්‍යාපනයේ ආලෝකයෙන් ප්‍රචලිත ආයතනයක් හෝ පද්ධතියක් නොවන වග ඒත්තු ගන්වන්නට ලේඛකයා සමත් වෙයි. බුහුටි බස් වහර මඟින් සුර ලෙස දිග හරින කතා පුවත අපේ හැඟීම් කුළු ගන්වා බුද්ධිය අවදි කරයි….ආනන්දයෙන් ප්‍රඥාවට ….! පාපොච්චාරණය. නම් වන පළමු නිර්මාණය තුළින් දේශිත ප්‍රමෝද් මහත් බලාපොරොත්තු දල්වන බව ද සඳහන් කළ යුතුය. තරුණ ලේඛක ආගමනය උදෙසා සුබ පැතුම් සමඟ නොනැවත නිර්මාණ කරණයේ නිරත වන්නැයි ඇරයුම් කරමි.

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “පාපොච්චාරණය | Papochcharanaya”

Your email address will not be published. Required fields are marked *