Guilt – Faculty Of Sex 02
රු1,200.00
Out of stock
පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්. ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ග`ගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.
Related products
මන්දාරම් රහසක් | Mandaram Rahasak
In stock
මාටින් ලූතර් කිං – ජීවිතය සහ මරණය | Martin Luther King – Life And Death
In stock

Reviews
There are no reviews yet.